දිවයින පුරා පාසැල්වල 03 වන වාරය ආරම්භ කිරීමට දැනට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 23 වැනි සඳුදා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.
නමුත් එම දිනයේ පාසැල් ආරම්භ කරනවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් මත බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
අද (16) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ජී. එල් පීරිස් මහතා මේ බව සඳහන් කළා.
මේ අතර Online ක්‍රමවේදය ඔස්සේ පාසල් අධ්‍යාපනය ලබාදීමේ ක්‍රියාවලිය පසු විපරම් කිරීමේ වැඩපිළිවළක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුණාත්මක අධ්‍යාපනය පිළිබඳ අතිරේක ලේකම්වරයා, පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි.
මේ යටතේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන්ගේ මාර්ගයෙන් ඒ, ඒ ප්‍රදේශවල Online අධ්‍යාපන කටයුතු සඳහා සිසුන්ගේ සහභාගීත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.




