ජනිධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පලමු පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා දිවයින පුරා වෙරළ තීරයට මායිම්ව කලපු ප්‍රදේශවල කඩොලාන ශාක පැළ යළිත් සිටුවීමේ වැඩසටහක් නගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක වේ.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟිනි.
දැනට මුළු රටේම පවතින කඩොලාන පරිසරය හෙක්ටයාර 15,669 ක් වන අතර එය තවදුරටත් වර්ධනය කරගෙන පරිසරය ආරක්ෂා කිරීමට ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.




