ගාල්ල දිස්ත්‍රික්කයේ මේ දක්වා කාලය තුළදි වැඩිම කොරෝනා රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් බවත් එම සංඛ්‍යාව 44ක් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසනවා.
ඒ අනුව මේ දක්වා කාලය තුළදී ගාල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 17 දෙනකු අම්බලන්ගොඩ හා රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුලින් පිළිවෙළින් කොරෝනා ආසාදිතයින් 10,11 බැගින් වාර් තා වි ඇති බවද ඔහු සඳහන් කළා.
අනික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් වාර්තා වී ඇත්තේ පහකට අඩුවෙන් බවද ඔහු පැවසුවා.
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගින් 121 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 73 දෙනෙකුම පැළියගොඩ මත්ස්‍ය වෙළදපොළට සම්බන්ධ ආශ්‍රිතයින් බවයි ඔහු පැවසුවේ.
කොළඹ නැව් තටාංගන පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 38 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් කම්හල් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් 04 දෙනෙකු සිටින බවද ඔහු සඳහන් කළා.