කාත්තන්කුඩි නගරයේ මං මාවත් මැද රටඉදි ගස් වැවීම සහ දැන්වීම් පුවරු අරාබි භාෂාවෙන් ලිව්වේ සංචාරකයන් ආකර්ෂණය කර ගන්න

 

කාත්තන්කුඩි නගරයේ මං මාවත් මැද රටඉදි ගස් වැවීම සහ දැන්වීම් පුවරු අරාබි භාෂාවෙන් සකස් කිරීම සිදුකරනු ලැබුවේ එම ප්‍රදේශය අරාබිකරණයකට ලක්කිරීමට නොව සංචාරක ආකර්ෂණය වැඩිකරගැනීමට බව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (23දා) පළමු වරට සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ හිරා පදනමට සහ මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීමට විදෙස් රටවලින් ලද මුදල් තමන් කිසිදු ආකාරයකට අවභාවිත නොකළ අතර ඒ සම්බන්ධයෙන් ගිණුම් වාර්තා පවා ඉදිරිපත් කළ හැකි බවය. මෙහිදී හිරා පදනම සහ බැටික්ලෝ කැම්පස් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කොමිසම සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීය.

නීතිඥවරයා – හිරා පදනම ලියාපදිංචි කිරීම නීත්‍යනුකූල නොවන අන්දමට සිදුකර ඇති බව ඔබ පිළිගන්නවාද?

සාක්ෂිකරු – නැහැ. මම එය පිළිගන්නේ නැහැ. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා තිබ්බේ රජයේ නියමිත රෙගුලාසිවලට අනුකූලව. සමාජ සේවා දෙපාර්තමේන්තුව 2011 වෙද්දි එම ලියාපදිංචි කිරීම් නවතා තිබුණට ඒ පිළිබඳ අපව දැනුවත් කර තිබුණේ නැහැ. අනික ලියාපදිංචි කිරීම් නැවැත්තුවා කියලා පෙර නියමිත රේගුලාසිවලට අනුකූලව ලියාපදිංචි කර තිබූ සංවිධානයක ලියාපදිංචිය අවලංගු වෙන්නේ නැහැ.

නීතිඥවරයා – හිරා පදනමට සහ බැටික්ලෝ කැම්පස් ව්‍යාපෘතිය සඳහා විදෙස් මුදල් ලැබෙන්නේ කෙසේද?

සාක්ෂිකරු – 1991 හිරා පදනම පටන් ගත්තට 2011 – 2013 වෙනකං අපිට ලොකුවට අනිත් අයගෙන් සල්ලි හම්බුණේ නැහැ. 2011 න් පස්සෙත් ඒ ඒ වැඩවලට සරිලන පරිදි අාධාර රැස් කිරීමක් තමයි කළේ. ඉස්සෙල්ලාම විදෙස් මුදල් ලැබුණේ 2016 දී. ප්‍රධාන වශයෙන් පාර්ශ්ව දෙකයි විදේශයන්හි සිට මේ මුදල් යොමු කිරීම් කළේ. එකක් තමයි සෞදි අරාබියේ එන්හෙරිටන්ස් අබ්දුල්ලා අල් ජෆාරි කියන සමාජ සේවා සංවිධානය. ඒක පවුලක් විසින් කරගෙන යන්නේ. අබ්දුල්ලා අල් ජෆාරි කියන්නේ තාත්තා. එයා මියගිහිල්ලා. පුතාලා වන ෆෙයික් හාත්තිම්, ෆෙයික් අයිමන් සහ ෆෙයික් සාමි විසින් දැන් ඒ පදනම කරගෙන යනවා.

මොවුන් ගල්ෆ් කලාපයටම සුඛෝපභෝගී වාහන බෙදාහරින නියෝජිතයන්. එම සමාජ සේවා ආයතනයෙන් රුපියල් මිලියන 308කට ආසන්න මුදලක් හම්බෙලා තියෙනවා. ඒකෙන් වැඩි හරියක් බැටික්ලෝ කැම්පස් ඉදිකිරීමට. මොකද ඔවුන් වැඩියෙන් අාධාර කරන්නේ අධ්‍යාපනය සඳහා. අනිත් පාර්ශ්වය තමයි සිද්ධික් සහ ඩයනා ඔස්මන්ඩ් කියන බ්‍රිතාන්‍ය යුවළ. ඔවුන් මට මුණගැසුණේ මෙරට ගලධාරි හෝටලයේදී. දුප්පත් අයට උදව් කරන්න ඕනේ කිව්වා.

මෙහිදී ඔබ සෞදි අරාබියේ සිටින වෙන කිසිවෙකුත් සමග සම්බන්ධතා නොපවත්වන්නේදැයි විමසූ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා හිටපු ආණ්ඩුකාරවරයාට ඡායාරූපයක් පෙන්වා ඔය ඔබත් සමග සිටින්නේ කවුද යැයි විමසීය.

සාක්ෂිකරු – මේ ශෙයික් හාලිත් අබුසාලි. මම හොඳටම දන්නවා. සෞදි අරාබියේ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ වැඩ කරලා විශ්‍රාම ගිය කෙනෙක්. ඔහු ලංකාවට නිතර එනවා. ආයෝජනත් ගේනවා.

සභාපති- ඔය සෞදි අරාබියේ බුද්ධි අංශ ප්‍රධානියාද?

සාක්ෂිකරු – මම දන්නේ නැහැ ස්වාමිනි.

එහිදී තවත් ඡායාරූපයක් පෙන් වූ සභාපති විනිසුරුවරයා මේ කවුදැයි විමසා සිටියේය.

සාක්ෂිකරු – මේ ශෙයික් සහරානි. නම දන්නවා මම. නමුත් සම්බන්ධකමක් නැහැ. මක්කම ගියාම වරක් දෙවරක් හම්බවෙලා තියෙනවා.

සභාපති – ඔබට පුදුම මතකයක්නේ තියෙන්නේ හිස්බුල්ලා මහත්මයා. වරක් දෙවරක් හම්බ වුණ මේ වගේ පුද්ගලයෙක්ගේ නම මතක තියෙන්න තරම්?

සාක්ෂිකරු – එහෙම නෙමේ ස්වාමිනි. මම ඔය කියන තැනැත්තාව හඳුනනවා. නමුත් සම්බන්ධතාවයක් නැහැ. හැබැයි ඔය තැනැත්තා ලංකාවේ මාලිගාවත්තේ තියෙන මුස්ලිම් යුත් ඔෆ් සෙයිලානි කියන සංවිධානයක් එක්ක සම්බන්ධකම් පවත්වනවා.

සභාපති – මොහුද සෞදි බුද්ධි අංශ ප්‍රධානියා ?

සාක්ෂිකරු – ඒ පිළිබඳ මම දැනුවත් නැහැ ?

සභාපති – ඔබ Peace Tv ප්‍රධානී සාකිර් නයික්ව දන්නවාද?

සාක්ෂිකරු – ඩොක්ටර් සාකිර්. ඔව් මම දන්නවා. ලංකාවේදී, මක්කමදී කිහිපසැරයක් හම්බවෙලා තියෙනවා. ඔහුගේ අංකයත් මගේ ජංගම දුරකතනයේ තියෙනවා.

නීතිඥවරයා – ඔබ දන්නවාද, මේ වෙද්දී ඉන්දියාව, බ්‍රිතාන්‍ය, කැනඩාව වගේම බංග්ලාදේශය වගේ මුස්ලිම් රටකුත් මොහු Hate Speaker නැතහොත් අන්තවාදියකු ලෙස නම් කරලා, මොහුට එම රටවල් තුළට පැමිණීම සහ දේශන පැවැත්වීම තහනම් කරලා තියෙනවා කියලා?

සාක්ෂිකරු – ඔහු අන්තවාදී කතා කියන්නේ නැහැ ස්වාමිනි, නමුත් ඔහුගේ කතාවට අන්‍යාගමිකයන් ඉස්ලාම් දහමට එනවා. ඒකයි ඔහුව අන්තවාදියෙක් ලෙස නම් කරලා තියෙන්නේ. නමුත් ඔහු හොඳ ඉස්ලාම් භක්තිකයෙක්.

සභාපති – ඔබ මීට පෙර තවුහිද් ජමාත් කියන්නේ අන්තවාදි සංවිධානයක් නෙමේ කියලා කිව්වා. දැන් සාකිර් නයික් අන්තවාදි නෙමේ කියනවා. ඔබට අනුව මේ ලෝකේ කොහේ හරි අන්තවාදීන් කියලා පිරිසක් ඉන්නවාද, සහරාන් අන්තවාදියෙක්ද?

සාක්ෂිකරු – ඔව් ස්වාමිනි සහරාන් කියන්නේ අන්තවාදියෙක්.

එහිදී ජනාධිපති කොමිසම විසින් සාකිර් නයික්ගේ දේශනයක් සාක්ෂිකරුට පෙන්වා සිටි අතර එහි සඳහන් වුයේ සටන් කිරීමේ අවසානය විය යුත්තේ මරාගෙන මැරීම යනුවෙනි.

නීතිඥවරයා – දැන්වත් ඔබ පිළිගන්නවාද සාකිර් නයික් කියන්නේ අන්තවාදියෙක් කියලා?

සාක්ෂිකරු – ඔව් ස්වාමිනි මෙම දේශනයට අනුව නම් පිළිගන්නවා.

ඉන් අනතුරුව ජනාධිපති කොමිසම විසින් සහරාන් 2015 වර්ෂයේ කාත්තන්කුඩියේ පිහිටි තම කාර්යාලයේ තවත් පිරිසක් සමග සාකච්ඡාවක නිරතවෙන අන්දමේ විඩියෝවක් පෙන්වූ ජනාධිපති කොමිසම මෙහි සිටින්නන් හඳුනන්නේ දැයි විමසා සිටියේය.

සාක්ෂිකරු – ඔව් ස්වාමිනි, සහරාන්, සිබ්ලි ෆාරුක්, අබ්දුල් රහුමාන් වගේ අයව මම හඳුනනවා. ඔය ස්වාමිනි සහරාන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරන අවස්ථාවක්. දිගින් දිගටම සහරාන් දේශපාලනිකව මට විරුද්ධව වැඩ කළා. නමුත් 2015 මැතිවරණයේදී ඔහුගේ කොන්දේසිවලට එකඟවෙන අයට විරුද්ධ වෙන්නේ නැහැ කියපු නිසා ගොඩාක් දේශපාලන පක්ෂ වගේ, මාගේ කණ්ඩායමත් ගිහින් ඔහු සමග ගිවිසුම් ගත වුණා.

සභාපති – ජනාධිපති කොමිසම හමුවේ යම් සාක්ෂියක් ඉදිරිපත්වෙලා තියෙනවා. 2017 වර්ෂයේ ආල්ලියාර් ගැටුමෙන් පස්සේ සහරාන් ප්‍රදේශයෙන් පලා ගියාම, ඔබ ඔහුගේ අම්මගේ අතේ සහරාන්ට පණිවුඩයක් යැව්වා කියලා ඇවිත් පොලිසියට භාරවෙන්න. ඉතුරුටික මම බලාගන්නම් කියලා. ඔබ එහෙම දෙයක් කළාද?

සාක්ෂිකරු – නැහැ ස්වාමිනි. මම එහෙම කළේ නැහැ. සහරාන් දිගින් දිගටම වැඩ කළේ මට විරුද්ධව.

කොමිසම – ඔබට විරුද්ධව සහරාන් වැඩ කළා කිව්වට කිසිම අවස්ථාවක ඔබ සහරාන් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරලා නැහැ නේද?

සාක්ෂිකරු – නැහැ ස්වාමිනි මම එහෙම පැමිණිලි කරලා නැහැ

කොමිසම – කාත්තන්කුඩියේ රටඉදි ගස් හිටෙව්වේ, දැන්වීම් පුවරු අරාබි භාෂාවෙන් සකස් කළේ ඔබ නේද?

සාක්ෂිකරු – ඔව් ස්වාමිනි මම තමයි. මුලින්ම ෆොක්ස්ටේල් ගස් වවන්න හැදුවේ. නමුත් කාත්තන්කුඩියේ රස්නේ වැඩි නිසා රටඉදි ගස් වවන්න තීරණය කළා. දැන්වීම් පුවරු අරාබි අකුරෙන් ලිව්වේ සංචාරකයන් ආකර්ෂණය කරගන්න.

කොමිසම – අහ් ඒ කියන්නේ ඔබ අරාබි අකුරෙන් දැන්වීම් පුවරු දැම්මේ සංචාරක ආකර්ෂණය වැඩිකරගන්න. එහෙම නැතුව කාන්තන්කුඩිය අරාබිකරණය කරන්න නෙමේනේ. සහරාන් වුණත් කාන්තන්කුඩිය අරාබියක් කරනවාට විරුද්ධ වුණේ නැහැ නේද?

සාක්ෂිකරු – නැහැ ස්වාමිනි. සහරාන් කොහොමත් මට විරුද්ධයි. හැබැයි මම කාන්තන්කුඩියේ ඔය කියන වැඩ කළේ අරාබිකරණයක් කිරීමේ බලාපොරොත්තුවෙන් නෙමෙයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කාත්තන්කුඩි නගරයේ මං මාවත් මැද රටඉදි ගස් වැවීම සහ දැන්වීම් පුවරු අරාබි භාෂාවෙන් ලිව්වේ සංචාරකයන් ආකර්ෂණය කර ගන්න
කාත්තන්කුඩි නගරයේ මං මාවත් මැද රටඉදි ගස් වැවීම සහ දැන්වීම් පුවරු අරාබි භාෂාවෙන් ලිව්වේ සංචාරකයන් ආකර්ෂණය කර ගන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwq-4Hx6_GVGreJ4p7AhM6H9QoG0UvOudO5g-kT7nQsTOnmpWvvGv-9i49dexGecPk3frM2d5fjZIZoGGUtkPrO2CX9OdlNKok_WKgT5aLBxPdqqpyt-hzlTve85a5g3DJ_IEvTCSKoaM/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgwq-4Hx6_GVGreJ4p7AhM6H9QoG0UvOudO5g-kT7nQsTOnmpWvvGv-9i49dexGecPk3frM2d5fjZIZoGGUtkPrO2CX9OdlNKok_WKgT5aLBxPdqqpyt-hzlTve85a5g3DJ_IEvTCSKoaM/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Hisbulla-Kattakuditown-Arabicletters.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Hisbulla-Kattakuditown-Arabicletters.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content