මෙම මස 26 දින සිට දෙසැම්බර් 16 දින දක්වා මෙරට දී පැවැත්වීමට නියමිත L.P.L ක්‍රිකට් තරගාවලිය සහ 2021 ජනවාරි මස14 දින ආරම්භ වන එංගලන්ත ක්‍රිකට් සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම තරඟ පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබදව තීරණ වලට එළඹීම සදහා විශේෂ සාකච්ඡාවක් අද දින (23) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
මෙහිදී සාකච්ඡාවට භාජනය වූ කරුණූ වූයේ විදේශීය රටවලින් මෙරටට පැමිණෙන ක්‍රිකට් ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත්, ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් පිළිබදවය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කොවිඩ් – 19 තාක්ෂණික කමිටුව විසින් ලබාදෙන නිර්දේශයන්ට අනුව සකස් කරනු ලබන මාර්ගෝපදේශණ මාලාවට අනුව මෙම තරඟ මාලා දෙක පැවැත්වීමට කටයුතු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් පාලන මණ්ඩලය එකඟතාවවට පැමිණියහ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලන මණ්ඩලයේ උප සභාපති රවීන් වික්‍රමරත්න, ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, ක්‍රීඩා වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය වෛද්‍ය අර්ජුන ද සිල්වා, රත්නපුර ක්‍රිකට් සංගමයේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් එක්ව සිටියහ.
x




