කොළඹ තවමත් අවදානම් මට්ටමේ පවතින බැවින් ඒ පිළිබදව අවදානයෙන් කටයුතු කරන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගියා.
ඒ, තවත් ආසාදිතයින් 400 දෙනෙකු ඊයේ අලුතින් හඳුනා ගැනීමත් සමඟයි.
ඉන් 391 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි 4 දෙනෙකු, කටාර් සිට පැමිණි 3 දෙනෙකු, රුසියාවේ සහ චීනයේ සිට පැමිණි එක් අයෙකු බැගින් ආසාදිතයින් බවට හඳුනා ගෙන තිබේ.
එමෙන්ම තවත් කොරෝනා මරණ 4ක් ඊයේ වාර්තා වූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගියේය.




