මහර බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය සිව් දෙනෙක් ගේ සිරුරු මේ වන විට රාගම රෝහලේ ඇතිබව හා තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙක් ද රෝහලට ඇතුළු කළ බව එහි රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි.
මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ වනවිට බන්ධනාගාරයේ තුළ රඳවා ඇති පිරිස් අතර ද ආරවුලක් ඇති වී ඇති බව ඇය කීය. මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.
මේ අතර මහර බන්ධනාගරය ඇතුලත ගින්නක් ඇතිවී තිබෙන අතර පිරිසක් විසින් සිදුකල ගිනි තැබීමක් බව දැනගන්නට ලැබේ.
මේ අතර අද පස්වරුවේ මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය.
පසුගිය පුවත >> මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් රැඳවියෙක් ජීවිතක්ෂයට