බන්ධනාගරයන් තුළ ගැටුම්කාරී තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව සංවිධානාත්මක රැඳවියන් පිරිසක් විසින් බන්ධනාගාරය තුල බෙදා හරිනු ලබන “මත් පෙත්තක්” බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
හිටපු සංවිධානත්මක අපරාධකරුවෙකු සමයං ගේ ගෝලයෙකු වන චතුරංග විසින් වැලිකඩ බන්ධනාගාරය තුළ “රිවර්ස්” නමින් හඳුන්වනු ලබන මත් පෙත්තක් විකිණිමට යොදා ඇති බවට කලකට පෙර බුද්ධි විසින් අනාවරණය කර ගෙන තිබු බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.
මෙම මත් පෙත්ත වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් කිහිපදෙනෙකුට මුලින්ම චතුරංග යන අය විසින් ලබාදී ඇති බවත් එම පෙත්ත භාවිතා කිරීමෙන් පසු ඔවුන්ට “ලේ දැකීමට” අවශ්‍ය වන බවත්, සිද්ධිය ගැන අනාවරණය වීමෙන් පසු චතුරංග ඇතුළු ඊට සම්බන්ධ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වලට මාරුකොට යැවීමට බලධාරීන් පියවර ගනු ලැබූ බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම මහර බන්ධනාගාරයේ ඊයේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය මගින් ජනාධිපතිවරයා ඇතුළු රජය ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියකට ලක් කිරීමට ඇතැම් පිරිසක් කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය විමල් විරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.