මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට (24) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව සේවාලාභීන් පත්ව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව කාර්යාල කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ප්‍රධාන කාර්යාලය විවෘත කළ ද එමඟින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම මත පමණක් සිදුකෙරෙනවා.
ඒ අනුව අද (23) සිට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා එම දෙපතමේන්තුව අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මීට අමතරව යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල මඟින් වාහන පැවරීමට අදාළ සේවාවන් තවදුරටත් පවත්වා ගෙන යන බැවින් ආසන්න කාර්යාලයක් මඟින් ජනතාවට සේවා ලබා ගැනීමේ පහසුකම් පවතිනවා.





