ස්වයං නිරෝධායනයට යොමු කර ඇති පුද්ගලයින් නිවෙස්වලින් බැහැරව යන බවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවයි.
මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 77,531 දෙනකු ස්වයං නිරෝධානයනයට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
මේ අතර දුර බැහැර ප්‍රදේශවල සිට බස්රථවලින් සහ දුම්රියෙන් කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට පැමිණෙන මගීන් එම ප්‍රදේශවල සංචාරය නොකරන ලෙස පොලීසිය ඉල්ලීමක් කර තිබෙනවා.
එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
තව ද මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගෙනීම සම්බනධයෙන් මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 297 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 7 දෙනකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති බවයි.




