ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්ටේන්තුව සමඟ එක්ව ශ්‍රී ලංකාව සඳහා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව සකස් කර ඇති අතර, ඒ යටතේ විද්‍යුත් ජාතික හැදුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හඳුනාගෙන තිබේ. ඒ අනුව, පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අදාළ වැඩසටහන් සැලසුම් කිරීමේ කමිටුව විසින් අවසන් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාව සඳහා වන ඒකිය ඩිජිටල් අනන්‍යතා රාමුවට අනුමැතිය ලබා දීම. ශ්‍රී ලංකාව සඳහා වන එය ඩිජිටල් අනන්‍යතා රාමුව ස්ථාපිත කිරිම සදහා අවශ්‍ය මග පෙන්වීම පිණිස ජනාධිපති කාර්යසාඨක බලකායක් පත් කිරීම්, ශ්‍රී ලංකාව සඳහා ඩිජිටල් අනන්‍යතා රාමුව ව්‍යපෘතිය ක්‍රියාත්ම්ක කිරීමේ වගකිම් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වෙත පැවරීම. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝඡිතායතනය සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ
දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඊ-ජාතික හැඳුනුම්පත් ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීම්. ශ්‍රි ලංකාව සඳහා වන ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව හා ඊ-ජාතික හැදුනුත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පහසු කිරීම පිණිස 1963 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරිම පනතට අවශ්‍ය සංශශෝධන සිදු කිරීම. එම් ව්‍යපෘතිය 2022-12-31 දින වන විට අවසන් කිරීම.




