රජයේ නව ප්‍රතිපත්ති රාමුව යටතේ 2020-2025 කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ යුතු ජාතික ඩිජිටල් ප්‍රතිපත්ති යටතේ,
ඩිජිටල් රජය - ඒකකය යටතේ රජයේ ආයතනවල ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය සිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ එවැනි වැඩසටහන් මගින් පුරවැසියන් සවිබල ගැන්වීම.
ඩිජිටල් ආර්ථිකය - ධාරිතා වර්ධනය, නව තාක්ෂණය හදුන්වා දීම මඟින් නවෝත්පාදනයන්, ව්‍යවසායකත්වය සහ නව සමාගම් ආරම්භ කිරීම සහ ඍජු වීදේශ | ආයෝජන සදහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම මඟින් කර්මාන්තයේ වර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.
ඩිජිටල් සේවා - රාජ්‍ය සේවාවන් සඳහා තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ස්ථාපිත කිරීම, කළමනාකරණය කිරීම සහ නඩත්තු කිරීම, ඩිජිටල් පරිචන ක්‍රියාවලීන් ආරම්භ කර පවත්වා ගෙන යාම යන කාර්යයන් සඳහා අවශ්‍ය උපදේශන සේවා සැපයීම.
ඒ අනුව, ඉහත කාර්යභාරය හා වගකීම් ඉටු කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ශණ නියෝජිතායතනය ප්‍රතිව්‍යුහගත කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.




