බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි ශලනි තාරකා පැතිර යන ආරංචි සම්බන්ධයෙන් ෆේස් බුක් ඔස්සේ පිළිතුරක් සපයා තිබේ.
ඇය ඇතුළු 25 ක කණ්ඩායම කැන් යූ හියර් මී නමැති ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා කොළඹ සිට බන්ඩාරවෙල ගියේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට පෙර බව බව ඇය කියා සිටින අතර එහි සිටියදී ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි වලට ලක් නොවූ බව ද මෙහි පවසයි.
ඔවුන් සිටි ස්ථානයට පොලිසිය සමග පැමිණි සෞඛ්‍ය බලධාරීන් හට ඇඳිරියට පෙර තමා එහි ආ බව කීවත් සෞඛ්‍ය නිලධාරීන්ගේ නීති වලට ලක්වන්නට සිදුවූ බව හා කළ නියෝග වලට අවනත වූ බවත් ඇය පවසයි.
තමා ඇතුළු පිරිස දැන් නිරෝධායනයට යොමුවී සිටින බව හා තමා ඇතුළු පිරිස පීසීආර් පරීක්ෂණ වලට පෙනී සිටි බවත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු අපේක්ෂාවෙන් පසුවන බවත් ඇය දන්වා සිටී.
ඇගේ ෆේස් බුක් වීඩියෝව පහතින්