පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් ඇතුලු කණ්ඩායමක් විසින් මෙරටදී පළමුවරට ප්‍රති වෛරස මුහුණු ආවරණයක් නිෂ්පාදනය කර තිබේ.
මෙම මුහුණු ආවරණය මයික්‍රො හා නැනෝ අංශුවලින් සමන්විත වන අතර මෙය නිෂ්පාදනය කර ඇත.
සාමාන්‍ය මුහුනු ආවරණයකින් විෂබීජ අංශු වළක්වාලිම සිදුකරනු ලබන අතර, මෙම මුහුණු ආවරණයේ විශේෂත්වය වන්නේ එය ප්‍රතිවෛරස නාශක පෙරණයකින් සමන්විත වීමයි.
එමෙන්ම පෙරණයන් තුනකින් සමන්විත වන මෙම මුහුණු ආවරණය සේදුම් වාර 20ක් දක්වා භාවිතා කළ හැකි වීමත් මාසයක කාලයක් කිසිදු සේදීමකින් තොරව භාවිතා කළ හැකි වීමත් විශේෂ ලක්ෂණයන් ලෙස පෙන්වා දී තිබේ.
අදාළ පර්යේෂක කණ්ඩායම විසින් මෙම මුහුණු ආවරණය අද(02) වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වෙත ඉදිරිපත් කර ඇත.