ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබිරයේසස් කොරෝනා අසාදිතයෙකු සමග සම්බන්ධ වූ බැවින් ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා. ඔහු තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වුවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුව නිවසේ සිට නිරෝධායනයට ලක්වෙමින් වැඩ කරන බවයි.මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් හාර කෝටි 68 ලක්ෂ 4423 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ දොලොස් ලක්ෂ 5044ක් ලෙසයි.එමෙන්ම සති 5ක් තුළ යුරෝපයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මේ වන විට යුරෝපය තුළ මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ගොස් ඇති බවයි. එමෙන්ම, ඇමරිකාවේ පමණක් මේ වන විට ආසාදිත 94 ලක්ෂ 73,720ක් වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත්, පෙර දිනවලට සාපේක්ෂව ඇමරිකාවේ දෛනික ආසාදිතයින් සහ මරණ වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.