වැලිමඩ එළවළු සානුවේ‘ වගාවට පොහොර නෑ. - රජිත් කීර්ති තෙන්නකෝන්

පොහොර නොමැති කමින් වගා කටයුතු සිදු කළ නොහැකි වැලිමඩ හා ඌවපරණගම වගාබිම් 

වැලිමඩ එළවළු සානුවේ‘ වගාවට පොහොර නෑ.  බිම් සැකසූ ගොවින්ට යන එන මං නෑ බදුල්ලට ලැබී ඇත්තේ මෙවර කන්නයේ පොහොර අවශ්‍යතාවයෙන් 27% ක් පමණයි   - හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

ඊසානදිග මෝසම් සමය ඇරඹී සති 3 කට වැඩි කලක් ගතවී ඇති නමුත්, රසායනික පොහොර නොමැතිකමින් වැලිමඩ සානුවේ වගා කටයුතු ඇරඹිමට නොහැකිව ගොවීන් අන්ත අසරණවී ඇතැයි හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොර අවශ්‍යතාවෙන් තවමත් ගොවීන්ගේ අතට ලැබී ඇත්තේ 27% ක් පමණයි.  එළවළු පොහොර හිඟය නිසා අර්තාපල්, බෝංචි, ගෝවා ඇතුළු සියළු එළවළු ගොවීන් අන්ත අසරණ භාවයට පත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාරවරයා පැවසූවේ ඌවපරණගම මැදවෙල ගොවි හමුවක් අමතමිනි.

බදුල්ල දිස්ත්‍රිකයේ පමණක් නොවෙයි වලපනේ, හඟුරන්කෙත දක්වාම එළවලු වගාවට අවශ්‍ය පොහොර වෙළෙදපොලෙන් නෑ.  ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගොවීන්ට පොහොර ලැබෙන්නේ නෑ.  කඳුකන්නයේ ගොවිතැනට සාමාන්‍ය යෙන් සහන මිලට පොහොර ලැබෙන්නේ අවශ්‍යතාවයෙන් 10% ට කටත් අඩු ප්‍රමාණයක් පමණයි.  ගොවීන් වගා බිම් සකස් කරලා පොහොර කඩවල් ගානේ පොහොර හොය හොයා යනවා යැයි තෙන්නකෝන් මහතා පැවසීය.

සාමාන්‍ය යෙන් හපුතලේ සිට වැලිමඩ, ඌවපරණගම, හාළිඇළ දක්වා පැතිරුණු වැලිමඩ නිම්නයේ වෙනදා මේ වන විට එළවළු වගාව නිල් පාටින් දිළිසෙනවා.  අද බලන බලන අතේ පෙනෙන්නේ දුඹුරු පාට පස් විතරයි.  ගොවියෝ බිම සකස් කරගෙන ‘පොහොර එනකල් බලාගෙන ඉන්නවා‘.

පොහොර හිඟය තියෙන්නේ එළවළු වගාවට විතරයක් නෙවෙයි.  තේ වගාවටත් මාස ගණනාවකින් පොහොර ලැබිලා නෑ.  ජූලි සිට ඔක්තෝබර් දක්වා සෑම මාසයකට පසුගිය වසරට සාපේක්ෂව තේ අස්වැන්න අඩු වෙලා තියෙනවා.  තේ වගාවට ඉතා හොඳ කාලගුණයක්, වැස්ස තිබුණත් දළු නිෂ්පාදනය අඩුවෙලා තියෙන්නේ පොහොර නැති නිසයි. වතු සමාගම් කොහොම හරි පොහොර හොයා ගන්නවා. කුඩා තේ වතු හිමියාට තමයි අන්ත අසරණ වෙලා ඉන්නේ.

වැලිමඩ එළවලු නිම්නයේ ගොවියන්ට පොහොර නැති වුනොත් රටටම බඩ ගින්නේ තමයි ඉන්න වෙන්නේ.  ආණ්ඩුව පම්පොරි ගහන ගෙවතු වගාවෙන් සැපයෙන්නේ රටේ එළවළු අවශ්‍යතාවයෙන් 2% යි.  විධිමත් එළවළු වගාවක් නැති නම් නත්තල් අලුත් අවුරුදු සමයට අහස උසට එළවළු මිල ඉහළ යයි.  එළවළු වගාවේ අස්වැන්න නෙළන්න මාස දෙකක් ඕනි. දැනටමත් වගා කන්නය පොහොර නැති නිසා සති 3 ක් පහුවෙලා තියෙනවා යැයි ද හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා පැවසීය.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වැලිමඩ එළවළු සානුවේ‘ වගාවට පොහොර නෑ. - රජිත් කීර්ති තෙන්නකෝන්
වැලිමඩ එළවළු සානුවේ‘ වගාවට පොහොර නෑ. - රජිත් කීර්ති තෙන්නකෝන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjllMZ67aHYku_Gf4TAYNDgwnqQja0uUlwHI5qrWJVVEmC_8G-U-Lk5EJFjK1SN8AMd6UvgHAjLSt0B-pObj6ZFsyT0eFjSK_jIo0kzLOjTJdXlS_jM45yVdQaA1Y1d-wQVxpHR8QGUAJ8/s16000/20201111_110536.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjllMZ67aHYku_Gf4TAYNDgwnqQja0uUlwHI5qrWJVVEmC_8G-U-Lk5EJFjK1SN8AMd6UvgHAjLSt0B-pObj6ZFsyT0eFjSK_jIo0kzLOjTJdXlS_jM45yVdQaA1Y1d-wQVxpHR8QGUAJ8/s72-c/20201111_110536.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/Welimada-Farmers-Rajith-Tennakoon.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/Welimada-Farmers-Rajith-Tennakoon.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content