ඔස්ට්‍රියාවේ, වියානා අගනුවර ස්ථාන 06 කට නාඳුනන තුවක්කරුවන් විසින් වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබ තිබේ.
වෙඩි ප්‍රහාර හමුවේ සිවිල් වැසියෙකු සහ තුවක්කරුවකු මියගොස් තිබේ.
තවත් පුද්ගලයින් 15 කට වැඩි පිරිසක් වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇතැයි සදහන් වේ.
ඒ අතරින් 7 දෙනෙකුගේ තත්වය බරපතල බව වියානා නගරාධිපතිවරයා තහවුරු කළේය.
ඔස්ට්‍රියා චාන්සලර් සෙබස්තියන් කර්ස් ප්‍රකාශ කළේ, මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවයි.
ඔස්ට්‍රියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පැය කිහිපයක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල විය.
බලධාරීන් ප්‍රකාශ කළේ, සීමා පැනවීමට පෙර සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරමුණින් ජනතාව විශාල වශයෙන් වියානා අගනුවර වීථීවලට පැමිණ සිටි මොහොතක මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
යුරෝපීය නායකයින් වෙඩි තැබීම තරයේ හෙළා දුටු අතර, ප්‍රහාරය පිළිබඳ ඇසීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේය.