2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 385 ක මුදලක් වැයකර යකඩ බට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව පනවා තිබූ තිබු විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණමහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියොග කළා.
එමෙන්ම 2015 ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂ වැය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් පනස් ලක්ෂයක් මුද්‍රණය කර බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩු ට අදාළව බැසිල් රාජපක්ෂ හා කිත්සිරි රණවකට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියේග කළා.