කොරෝනා වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ මෘතදේහ පිළිබදව අවසන් කටයුතු සිදු කිරීමේ දී ආගමික මුහුණුවරක් නොගෙන ව්‍යසනයක දී මුහුණ දිය යුතු ආකාරයෙන් කටයුතු කළ යුතු බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.
කොවිඞ් මරණ අවසන් කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය රටින් රටට වෙනස් වූවත් ශ්‍රීලංකාවේ පොළොව අඩි පහක් ප්‍රමාණයක් හැරීමේ දී ජලය මතුවන ස්වභාවයක් පවතින නිසා විද්‍යානුකූලව සහ තාක්ෂණික වශයෙන් ද ඔප්පු වී ඇත්තේ කොවිඞ් වෛරසය ආසාධනය වී ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ මෘතදේහ පිළිබදව අවසන් කටයුතු සිදු කිරීම ආදාහනයෙන් පමණක් සිදු කිරීම බව ද ආනන්ද සාගර හිමියෝ අවධාරණය කර සිටියි.
ඉස්ලාම් ආගමිකයන් කොරෝනා ආසාදනයෙන් මියගොස් ගියහොත් මෘත දේහ භූමදාන කරන්නට ඉඩ දුන හොත් මෙරට බෞද්ධයන්ගේ ආගමික කටයුතු ද එළිමහනේ ප්‍රසිද්ධියේ සිදු කරන බව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ සඳහා කරති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු තීරණය ගත යුත්තේ වෛද්‍ය විද්‍යාත්මකව සලකා බැලීමෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අර්ථයෙන් මිස ආගමික වුවමනා මත නොවනබ බවයි.




