
ඊයේ පස්වරුවේ රියදුරු බලපත්‍රයක් නොමැතිව අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනය කර අනතුරක් සිදුකිරීම හේතුවෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට පෙර පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් බම්බලපිටිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තිබුණේද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේම පුත්‍රයෙක්.
නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය පදවාගෙන ආ සුඛෝපභෝගී ජීප් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුණා.අදාළ ජීප් රථය නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් දිවෙන නිදහස් මාවත අසළ පිහිටි පෞද්ගලික මොටර් රථ ප්‍රදර්ශනාගාරයක ගැටී තිබුණු අතර, ඒ හේතුවෙන් ප්‍රදර්ශනාගාරයට දැඩි අලාභහානි සිදුව තිබුණා. අනතුර සම්බන්ධයෙන් සැකපිට නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණිය සහ තවත් පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.







