ගාල්ල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (18) දින තහවුරුවූ බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා සදහන් කළා.
මෙකි සැකකරුවන් දෙදෙනා බද්දේගම නව ජනපදයේ හා හික්කඩුව ගලගොඩ කුලිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්ථාවෙනවා. මෙකි සැකකරුවන් දෙදෙනා ඉකුත් 11 වැනි දින ගාල්ල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට ඇප ලබා නිවෙස්වලට ගොස් ඇත.
මෙම සැකකරුවන් දෙදෙනා පි.සි.ආර් පරික්ෂණවලට යොමුකොට ඇති අතර එම පි.සි.ආර් පරික්ෂණවලදි මොවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. මොවුන් දෙදෙනා ප්‍රථිකාර සදහා හම්බන්තොට රෝහල වෙත පිටත්කොට යැවිමට කටයුතු කළ බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.




