අද (16) දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පහත විස්තර දැක්වෙන කොවිඩ 19 ආසාදිත පුද්ගලයින්ගේ මරණ 03ක් සිදු වී ඇති බව තහවුරු කරන ලද අතර ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිච් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 61ක් වේ.
01. මොරටුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගය සමඟ කොවිච් 19 ආසාදනය වීමයි.
02. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. කොවිච් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාතයෙන් පෙළෙන අතර කොවිච් 19 ආසාදනය වීමයි.
03. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75 ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදි මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව සහ සංජානනීය හෘදරෝගය කොවිච් 19 ආසාදනය වීම නිසා උත්සන්න වීමයි.




