දිවයින පුරා අහස වලාකුළුවලින් බරව පවතිනු ඇති අතර, උතුරු, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, සබරගමුව,මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ක පමණ තද වැසි ඇති විය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග තද සුළං හා අකුණු ඇති වේ.
මේ අතර දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග සුළං වේගය ක්ෂණිකව පැ.කි.මී 70-80 පමණ ඉහළයාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට ඉඩ ඇත.




