2021 මුදල් වර්ෂයට අදාළ අයවැය ප්‍රකාශය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේය.
2021 විසර්ජන කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 06 වනදා ගැසට් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 20 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය වාර්තාව ඉදිරීපත් කිරිම අද පෙරවරු 01.40ට පාර්ලිමේන්තුවේදී ආරම්භ වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
මෙය මෙරට 75 වන අයවැය ප්‍රකාශය බව සඳහන් වේ.
අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (18) සිට ලබන 21 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ.
අද අයවැය කියවීම සජීවීව BottomLine News ෆේස්බුක් පිටුව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.




