රුවන්වැල්ල-අඟුරුවැල්ල නගරයේ පවත්වාගෙන ගිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයෙකුට හා ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි 500 ට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මෙම වෛද්‍යවරයාගෙන් දිනකට රෝගීන් 100-150ත් අතර පිරිසක් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම වෛද්‍යවරයාගේ බිරිඳ වෛද්‍යවරියක් වන අතර ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ පසුගිය 26 වෙනිදා සිදුකර තිබෙන අතර ඊයේ(27) දිනයේදී ලද ප්‍රථිපල අනුව ඔවුන් දෙදෙනාම කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.
තමන්ට පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබිය දී පවා ඊයේ දිනයේදී ද රෝගීන්ට ප්‍රතිකාර සිදුකර ඇති අතර මෙම වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර කිරීමේදී මෙම වෛද්‍යවරයා මුහුණු ආවරණ පැළද සිට නොමැති බවත්, පැමිණෙන රෝගීන්ට දෑත් පිරිසිදු කර ගැනීමට පහසුකම්වත් ලබාදී නොමැති අතර පුද්ගල දුරස්ථ භාවය පවත්වාගෙන යෑම ද නොතකා ඇති බවට සෞඛ්‍ය බලධාරීන් චෝදනා කරයි.
කොටියාකුඹුර, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, ගලපිටමඩ ඇතුළු ප්‍රදේශවල සිට මෙම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි යම් පුද්ගලයෙක් වේ නම් වහාම ඒ සම්බන්ධයෙන් සිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරන ලෙස රුවන්වැල්ල ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා සිටියි.




