වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදී එම ඉඩම් සදහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (23) එක් වෙමින් පැවසීය.
ඉඩම් අහිමිවන ජනතාවගේ තෘප්තිය පිළිබදවත් අවධානය යොමු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා නිරතුරුව ජනතාවට සාධාරණයක් ඉෂ්ට වන ලෙස වන්දි ලබා දී ඔවුන්ගේ ආශීර්වාදයද අදාල ව්‍යාපෘතියට ලබා ගත යුතු බව පෙන්වා දුන්නේය.මේ සදහා අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ද අමාත්‍යවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.
උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමයේ ඉඩම් අහිමි වූ පවුල් 6000කට පමණ තවමත් වන්දි හිමි නොමැති බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සම්පූර්ණ වැඩකටයුතු ලබන වසරේ ජූනි වන විට අවසන් වන බවත් ඒ අනුව ලබන පෙබරවාරි වන විට මෙම ආයෝජනයේ රජයට ප්‍රතිලාභ ලැබෙන ප්‍රධාන අංගයක් වන විදුලි බල ජනනය මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක්වීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.




