පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්ව ක්‍රියාත්මක කළ විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සතිය තුළ තැපැල් කාර්යාල 600ක් මගින් නිවෙස් වල ගොඩ ගසා ඇති එම අපද්‍රව්‍ය එක්රැස් කළේය.
එසේ එක්රැස් කළ විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගය ජපානය වෙත අපනයනය කිරීම (නොවැ:11) කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ පිහිටි INSEE සිමෙන්ති සමාගම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුනු අතර පරිගණක, රූපවාහිනි, ඉවත ලන බැටරි, වෙනත් පරිගණක උපාංග වලින් වෙන් කරන ලද කොටස් ජපානයට අපනයන කරනු ලබන්නේ ඒවායේ අන්තර් ගත වටිනාලෝහ වෙන් කිරීම සඳහායි.
අපනයනය කරන ලද විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගයට Printed Circuit Board ටොන් 03ක්, ප්ලාස්ටික් ටොන් 08ක් හා ලෝහ ටොන් 13ක් ද අයත් වේ. මෙම සියල්ලම විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සතිය තුළ එතෙක් නිවෙස්වල ගොඩ ගසා තිබු අපද්‍රව්‍ය වේ.
මෙම විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවල අඩංගු ඇතැම් බැර ලෝහ මෙන්ම ඇතැම් රසායනික ක්‍රියාවලින් නිසා මිනිස් සෞඛ්‍යයට බරපතල තර්ජන එල්ල වේ. එහෙත් බොහෝ දෙනෙක් ඒ බව නොදැන අබලි වූ පරිගණක හා උපාංග මෙන්ම රූපවාහිනි යන්ත්‍ර නිවාස වල එක්රැස් කරගෙන සිටිති.
ජපානයට අපනයනය කරන ලද මෙම පළමු විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගය තුළ විශේෂයෙන් Printed Circuit Board හි අන්තර්ගත රත්තරන් හා ප්ලැටිනම් වෙන් කර ගැනීම සිදු කරනු ලබන්නේ ජපානයේ සමාගමක් විසිනි. ඔවුන් විසින් එහි අන්තර්ගත රන් හා ප්ලැටිනම් වල බර අනුව මෙරටට මුදල් ගෙවීම සිදු කරයි.