මුහුණු ආවරණ නොපැළදීම හා දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පසුගිය ඔක්තෝබර් 15වන දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්යය වනවා.
නිරෝධායන ඇඳීරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 220ක් බස්නාහිර පළාතෙන් පමණක් ඊයේ (03) දිනය තුළ අත්අඩංගුවටගෙන ඇති බවද පොලීසිය පැවසුවා.
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බස්නාහිර පළාත ඇතුළු පොලිස් බලප්‍රදේශ කිහිපයක පසුගිය ඔක්තෝබර් 04 වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2,200ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාහන 340ක් ද එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ