නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ විභාග අපෙක්ෂකයින් හා විභාග කාර්යය මණ්ඩල සඳහා විභාග ශාලාවෙත පැමිණීමේ දී නිරෝධායන ඇඳිරිනීතිය බාධාවක් නොවන බවය.
එසේම නිරෝධායන ඇඳිරිනීතිය පැවැත්වෙන ප්‍රදේශවල විභාග කාර්යය මණ්ඩලය සඳහා විශේෂ ප්‍රවාහන දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වු විභාග කොමසාරිස් ජනරාල්වරයා,
“විභාග ශාලාවට නියමිත වේලාවට ළඟාවීම සඳහා, විභාග අපේක්ෂකයන්ටත් විභාග කාර්ය මණ්ඩලයත් අවශ්‍ය පියවර ගැනීමට විශේෂ අවධානයක් යොමුකිරීමට මා කැමති. ඒත් එක්කම විභාග කාර්ය මණ්ඩලය සඳහා විශේෂ ප්‍රවාහන දීමනාවක් ගෙවීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල සේවය කරනු ලබන නිලධාරීන් සඳහා.“
මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල උසස් පෙළ සිසුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා පමණක් බස්රථ ධාවනය සිදුවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.
“බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය දීර්ඝ කිරීමත් එක්කම බස්නාහිර පළාතේ බස්රථ ධාවනය සිදුවන්නේ නෑ. හැබැයි පාසල් ළමුන්ට හා විභාග ළමුන්ට බස්රථ ධාවනය කලින් පරිදිම සිදුවෙනවා. ඇඳිරිනීතිය ක්‍රියාත්මක සියලූම ප්‍රදේශවල ළමුන් සඳහා උසස් පෙළ විභාගයට ළමුන්ට අවශ්‍ය බස්රථ අපි යොදවනවා. ඒ ළමුන්ට අපහසුවක් නොවන පරිදි. අන්තර් පළාත් බස්රථ ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල ධාවනයේ යොදවනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල බස්රථ ඒ ආකාරයටම ධාවනය වෙන්න උපදෙස් දුන්නා.“
අද දිනයේත් උසස් පෙළ සිසුන් හා කාර්යය මණ්ඩලය ප්‍රවහනය කරන දුම්රිය හැර වෙනත් කිසිදු දුම්රියක් ධාවනය නොකරන බව දුම්රිය සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
“උසස් පෙළ විභාගයට පැමිණිනෙ දරුවන් සඳහා, රඹුක්කන, පොල්ගහවෙල සිට හලාවත මාර්ගයේ, ගාල්ලේ සිට හා හෝමාගම සිටත් කොළඹ බලා දුම්රිය ධාවනය වේ. එම දුම්රියවල ගමන් කළ හැක්කේ, විභාගයට එන සිසුන්ට හා අදාළ ගුරුභවතුන්ට පමණි.“