20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත මගින් ස්ථාපිත පාර්ලිමේන්තු සභාව අද පළමු වරට රැස්වීමට නියමිතය.
ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේදීය.
පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කළේ, සවස 4.00 ට පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පත් කිරිම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිතය බව යි.
කතානායකවරයා සභාපතීත්වය දරන පාර්ලිමේන්තු සභාවේ සෙසු සාමාජිකයන් වන්නේ අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, අග්‍රාමාත්‍යවරයා විසින් පත් කරන නියොජිතයකු සහ විපක්ෂ නායකවරයා විසින් නම් කරන නියෝජිතයෙකි.
අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඊයේ පත් කෙරිණි.
විපක්ෂ නායකයාගේ නියොජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා නම් කර තිබේ.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වූ අතර ඒ වෙනුවට එමගින් යෝජනා වූයේ පාර්ලිමේන්තු සභාවයි.
ඒ අනුව සියලු ස්වාධීන කොමිෂන් සභාවල පත් කිරීම් සඳහා නිරීක්ෂණ ලබාදීම පාර්ලිමේන්තු සභාව මගින් සිදු කෙරෙනු ඇති.
කෙසේවෙතත් අදාළ නිරීක්ෂණ සිය අභිමතය හා කැමැත්ත පරිදි නොසලකා හැරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට බලය පවරා තිබේ.
මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත මුදල් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ නම් කරනු ලැබිණි.