මෙරට විශ්ව විද්‍යාල පද්ධතියට වසරක් තුළ බඳවා ගැනෙන වැඩිම අමතර සිසුන් සංඛ්‍යාව ලෙස සිසුන් 10,000 කට මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
පසුගිය වසරේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇතුළත් කරගත් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 30,000 ක් පමණ වන අතර මෙවර සිසුන් 41,500 ක් පමණ ඇතුළත් කර ගැනීමට නියමිතයි.
ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව වෛද්‍ය පීඨයට සිසුන් 371 ක්ද, ඉංජිනේරු පීඨයට සිසුන් 405 ක් ද, නීති පීඨයට සිසුන් 126 ක් ද, ජෛව තාක්ෂණය සහ ඉංජිනේරු තාක්ෂණ පිඨ සඳහා සිසුන් 350 ක් බැගින් ද ඇතුළත් කරගැනෙනු ඇති.
කළමනාකරණ පීඨය සඳහා සිසුන් 900 ක්ද, ශාස්ත්‍ර පීඨය සඳහා සිසුන් 815 ක්ද කෘෂිකර්ම, විද්‍යා ඇතුළු අනෙකුත් උපාධි පාඨමාලා සඳහා සිසුන් 6,000 ක් ද මෙවර බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සම්බන්ධ අභියාචනා වෙතොත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා හෝ appils@ugc.ac.lk යන විද්‍යූත් ලිපිනය වෙත යොමු කළ හැකි බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියාසිටියේ.