ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩනතත්වයක් වර්ධනයවී ඇති බවත් ඉදිරි පැය 48 තුලදී එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තවදුරටත් වර්ධනය විය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවලකාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත.
ඌව,මධ්‍යම,බස්නාහිරසහසබරගමුවපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



