නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය මේ වන විට ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී 325ක් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.
ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇත.
නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින් විට පැ.කි.මී 60 - 70 පමණ වන ඉතා තද සුළං ඇති වේ.
සෙසු ප්‍රදේශවල පැ.කි.මී 40 - 50 පමණ වන තද සුළං ඇති විය හැකිය.
මේ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දී තිබේ.
දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙයි.
උතුරු, නැගෙනහිර සහ උතරුමැද පළාත්වල ජීවත්වන ජනාතවට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




