දෙවන අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින තුළ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. ඒ හේතුවෙන් ඉදිරි කාලයේදී, විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, වවුනියා සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට, මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.