2020 නොවැම්බර් මස 16 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
දිවයිනේ පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශ වලද තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.




