2004 දෙසැම්බර් 26 වන දින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපෑම් එල්ල කළ සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 16 ක් සපිරේ.
මීට වසර 16කට පෙර එනම් 2004 දෙසැම්බර් 26 වන දින අසිරිමත් නත්තලට පසුදින
උඳුවප් පෙහෝ දිනය වූ නිසා බෞද්ධ සැහැදැවතුන් බොහෝ දෙනා සිටියේ ආගමික වතාවත්වල නිරත වෙමිනි.
මේ අතර ඉන්දීය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ, දරුණු භු කම්පනයක් සිදු වීම හේතුවෙන්
මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට සිදුවූ භූ කම්පනයේ උදම් රළ පළමුවෙන්ම ඉන්දුනීසියාවට කඩා වැදුණි.
ඉන් පසුව ගතවූ පැය කිහිපය තුළ උදම් රළ පහර පැයට කිලෝමීටර් 800 ක වේගයකින් ශ්‍රී ලංකා වෙරළ තීරයට කඩා වැදුණේ තත්ත්පරයෙන් තත්ත්පරය වටිනා ශ්‍රී ලාංකික ජීවිත 40,000කට අධික සංඛ්‍යාවක් අහිමි කරමිනි.
ඒ අතර ලොව බිහිසුණුම දුම්රිය අනතුර හික්කඩුව පැරෑලිය ප්‍රදේශයෙන් වාර්තා විය.
මගීන් 1500 ක් පමණ රැගෙන උදෑසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ අංක 50 දුම්රිය ඒ බිහිසුණු අනතුරට ලක්විය.
සුනාමි රළ පහර ශ්‍රි ලංකාව මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටම කඩා වැදුනේ ලක්ෂ 3 කට අධික වටිනා ජීවිත අහිමි කරමිනි.
ඒ මහා රුඳුරු ව්‍යසනය සිදු වී අදට වසර 16 ක් ගත වුවත් අප අතරින් එදා වෙන් වී ගිය නෑදෑ හිතමිතුරන් අප හදවත් තුළ අදටත් රැඳි සිටින්නේ කඳුළු පිරි නොමැකෙන මතක සටහන් රුසක් ඉතිරි කරමිනි.




