2020 දෙසැම්බර් මස24 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද ප්‍රදේශවල පවතින වැසි තත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරිදින කිහිපයේදී (දෙසැම්බර් මස 25 සහ 26 දින යන්හිදී ) බලාපොරොත්තුවේ.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, සහ ඌවපළාත්වලත්නුවරඑළිය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න්පමණපසුවතැනින්තැනවැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවන අතර සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල ඇතැම්ස්ථානවලටමි.මී. 100 ටවැඩිතදවැසිද ඇතිවියහැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.




