මෙලෙස මිය ගියේ, මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුගේ අත්පා කපා වෙන් කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක්.
අද අලුයම වේයන්ගොඩ ප්‍රදේශයට සැකකරු රැගෙන ගිය අවස්ථාවේ පොලීසිය සමග ඇතිවු සිද්ධියකදී සැකකරු මිය ගොස් තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්වූයේ, වේයන්ගොඩ බැවන්වත්තේ පදිංචිව සිටි නිශාන්ත කුමාරසිරි නමැති 37 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරුට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ නඩු 02 ක්, මාරවිල මහාධිකරණයේ නඩු 01ක් , ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 01 ක් දැනට විහාග වෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.
සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයෙකු ද තුවාල ලබා ඇති අතර ඔහු ගම්පහ රෝහට ඇතුළත් කර තිබෙනවා.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය 19 වන දා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත්පා කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන්.
අද වෙඩි හුවමාරුවේදී මිය ගිය පුද්ගලයා විසින් අමානුෂික පහරදීමකින් අතපය වෙන් කළ බව කියන පුද්ගලයා වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ඔහුගේ අතක් කපා දමා තිබියදී හමුවූ අතර පාදය හමුවුණේ, දින දෙකකට පසු මාලිගාකන්ද වෑල්ඩින් වැඩපළ අසලදීයී.




