මාවනැල්ල, දුන්ගේකන්දේ කළුගල් කැඩීමට රැගෙන ආ බව කියන පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන් වීම සම්බන්ධව පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත CID විමර්ශනයක් අරඹා තිබෙනවා.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ගේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය ද මාවනැල්ල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වීමත්, පාස්කු ප්‍රහාරයට යොදාගත් පුපුරන ද්‍රව්‍ය හා සමාන පුපුරන ද්‍රව්‍ය අතුරුදන් වීමත් යන කරුණු සම්බන්ධව මෙම විමර්ශන ඇරැඹී තිබෙනවා.
දුල්ගේකන්දේ, ගල් කැඩීම සඳහා මාවනැල්ල, නිව්ලෑන්ඩ්වත්තේ වූ ගල් වැඩපොලක ගබඩා කර තිබූ ඇමෝනියා නයිට්‍රේට්- කිලෝග්‍රෑම් 15ක්, ඩයිනමයිට් කරල් හයක්, වෙඩි නූල් මීටර් 68ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහනවයක් අතුරුදන්ව තිබෙන බවට මාවනැල්ල පොලිසියට පැමිණිලි ලැබී තිබුණේ පසුගිය 23 වැනිදායී.
මෙයට සැක සහිත ගල්වළේම පුද්ගලයකු ගැන පොලිසියට පැමිණිලි ලැබුණද ඔහු මීට සම්බන්ධයක් නැති බව පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා
ඒ අනුව මෙම පුපුරන ද්‍රව්‍ය කවුරුන් අතට පත්වූවාද යන්න සැක සහිත බැවින් පොලිස්පතිවරයාට ලද වාර්තාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී තිබෙනවා.




