පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ආසාදිත බව හඳුනා ගැනීමත් සමඟ කළුතර – දකුණ පොලිස් ස්ථානයේ සියලු නිලධාරීන් PCR පරීක්ෂණයක් සඳහා යොමුකරලීම සඳහා තීරණය කර තිබේ.
ඊයේ (24) උදැසන බස්නාහිර පළාත් සිමාවේ සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක (රැපිඩ් ඇන්ටිජන්) පරීක්ෂාවේදී පාසල් සිසුවකු ආසාදිත බව හඳුනා ගෙන ඇති අතර පසුව එම ආසාදිත දරුවාගේ පියාට ද ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාව සිදුකිරීමේ දී ආසාදිත බව හඳුනාගෙන තිබේ. ආසාදිත දරුවාගේ පියා පොලිස් නිලදාරියකු බැවින් කළුතර – දකුණ පොපොලීසියේ නිලධාරීන් 60 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කර තිබුනා.
ඒ අනුව සිසුවාගේ පියාද ඇතුළුව පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ආසාදිත බව හඳුනාගෙන තිබුනා.
මේ නිසා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු නිලධාරීන් අද (25) දිනයේ PCRපරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.




