ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නත්තල් දින පණිවිඩය


ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි.

සාමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන්නේය.

ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගනී. පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ. කොවිඩ් - 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගි කොට ගත හැකිය.

මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසරකට මඳක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරත වීමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ද එලෙසින් ම සිදුවනු ඇත.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පැතිරේවා! ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ,

ජනාධිපති,

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නත්තල් දින පණිවිඩය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නත්තල් දින පණිවිඩය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg90OQXVG_tF5Key0_Y_awin0JCm5EMhM8s9ol7Q07NN1Ss8tr7axHRZn9hiMR7apuqLQd10mmSls3ddqaEP-zu6SAvy4SPiB7EH5glwzW7Z-rNZrVVtMAHNDJBh-_NIhnrt8iEvWjA0mU/s16000/Image-Top-Layout+%25281%2529+%25281%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg90OQXVG_tF5Key0_Y_awin0JCm5EMhM8s9ol7Q07NN1Ss8tr7axHRZn9hiMR7apuqLQd10mmSls3ddqaEP-zu6SAvy4SPiB7EH5glwzW7Z-rNZrVVtMAHNDJBh-_NIhnrt8iEvWjA0mU/s72-c/Image-Top-Layout+%25281%2529+%25281%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/President-Christmas-Message.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/President-Christmas-Message.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content