කොවිඩ් රෝගය සුව කිරීම සඳහා තමා සොයාගත් පැණියට ලබා දුන් සහතිකය පිළිබඳව තමා සෑහීමකට පත් නොවන බව ධම්මික බණ්ඩාර මහතා බෙංගමුවේ නාලක හිමි ඇතුළු මහා සංඝරත්නය හා නිලධාරීන් පිරිසක් ප්‍රකාශකර තිබෙනවා.
ආයුර්වේද ඖෂධකාරයන් ලියාපදිංචි කිරිමේ සහතික පත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කරමින් ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙවැනි සහතික තමාට අනවශ්‍ය බවත් අදාල අමාත්‍යංශයේ අමාත්‍යවරයා හෝ කොමසාරිස්වරයාගේ අත්සනින් යුත් සහතිකයක් තමන්ට අවශ්‍ය බවය.
ධම්මික බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කළ සහතිකය භාරදීමට පැමිණි නිලධාරීන් බෙහෙතක් සොයා නොගත් නිසා මෙවැනි සහතිකයක් දීමට සිදුවන බව ප්‍රකාශ කිරීමත් සමගම උරණ වූ ධම්මික බණ්ඩාර මහතා අර පරීක්ෂණයට මේ පරීක්ෂණයට කියමින් තමන්ගෙන් බෙහෙත් බෝතල් ඉල්ලමින් මෙච්චර දුරක් මේක රැගෙන ආවෙ ඇයිදැයි ප්‍රශ්න කරමින් දෝෂාරෝපණයක් කළේය.
මේ වන විටත් මෙම පැණිය පානය කළ රෝගීන් හොඳින් සුවපත් ව සිටින බවද පෙන්වා දුන් ධම්මික බණ්ඩාර මහතා එසේනම් මෙය හරි යන්නේ නැති බව ඒ අවස්ථාවේ ම ප්‍රකාශ කළ යුතු බව ප්‍රකාශ කළා.




