ගාල්ල නියෝජ්‍ය නගරාධිපති ෆ්වුස් නියාස් මහතා විසින් ගාල්ල මහා නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බර්ටම් ද සිල්වා මහතාට බැන තර්ජනය කිරීමට කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිය මුල් කරගෙන මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් කර තිබිබුණා.
නියෝජ්‍ය නගරාධිපති වරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට බැනවැදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ලබා ගැනීමට ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පොරොන්දු වීම නිසා වර්ජනය නැවැත්වීමට තීරණය කර තිබෙන බවයි වෛද්‍ය මංජුල ද සොයිසා මහතා වැඩිදුරටත් පැවසුවේ.
ඒ අනුව ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (27) දින සිට ගාල්ල දංගෙදර රෝයල් සිටි නැමති ස්ථානයේ ස්ථාපිත කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා මේ වන විට කොවිඩ් මර්දන කටයුතු ඇතුළු සියලුම රාජකාරි ඉටු කරමින් පවතින බවද සඳහන් කළා.





