පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ
පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් ( 30) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම සිදු විය.
අදාළ කමිටුව අධිකරණ අමාත්‍යතුමා විසින් 2020.11.29 වන දින පත් කල අතර කමිටුව විසින් සිද්ධිය පිළිබදව අතුරු වාර්තාවක් (2020.12.07) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදුනි.
එහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ පැවසීය.
2020.11.29 වන දින මහර බන්ධනාගාරයේ ඇති වුණේ අවාසනාවන්ත සිද්ධික් බව කිව යුතුයි.අපි මේ සිද්ධිය පිළිබදව විද්‍යාත්මකව හා මානුෂිකව බැලුවා.අපිට ඕන මේ වගේ දේවල් ඇති වුණේ ඇයි කියලා හොයලා බලලා ඒ සදහා හේතුව කුමක්ද මේ වගේ සිද්ධි අනාගතයේදී වළක්වා ගන්නේ කොහොමද කියලා බලන එකයි.ඒ සදහා අපි මීට අදාළ විවිධ ක්ෂේ ත්‍ර නියෝජනය කරමින් කමිටුවක් පත් කළා.ඒ අය සතියක් තුළ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා.අතුරු වාර්තාව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.එම අතුරු වාර්තාවේ ඇතුළත් නිර්දේශ අනුව කටයුතු කළා.අපි මේ වාර්තා අධ්‍යනය කර ඉදිරියේදී මේ වගේ දේවල් නොවන්න කටයුතු කරනවා.අපි පත් කළේ ස්වාධීන කමිටුවක් බව කිව යුතුයි.ඒකට කිසිදු අයුරකින් අපි මැදිහත් වෙලා නැහැ.ඒ අය ස්වාධීනව කටයුතු කරලා තිබෙනවා යැයි ද සදහන් කළේය.
මෙවැනි දේවල් වලදී සිද්ධිය වුණේ ඇයි කියලා අපි සත්‍ය සොයා ගන්න ඕන.ඉන් පසුව විද්‍යානුකූලව කටයුතු කළ යුතුයි.අපි මෙම කමිටුව පත් කරනු ලැබුවේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව බව සදහන් කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දුන් අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමට පියවර රාශියක් ගෙන ඇති බවයි.අධිකරණ සේවා කොමිෂම හා එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල සමග සාකච්ඡා කොට නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීම සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මහෙස්ත්‍රාත් අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කර ඇති බවත් සදහන් කළේය.
මත් ද්‍රව්‍ය වලට යොමුව බන්ධනාගාර ගතව ඇති පුද්ගලයින්ගෙන් මත් ද්‍රව්‍ය වෙළදාම් කරනු ලබන අය හා මත් ද්‍රව්‍ය පානය කරන්නන් හදුනා ගෙන මත් ද්‍රව්‍ය පානය පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමට පියවර ගත යුතු බවත් ඒ සදහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කර ගෙන යන බවත් පැවසීය.




