ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘර්තවෙයි


රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ උත්සව ඊයේ (23) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

අලුත් රටට අලුත් බෙහෙත් සංකල්පය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ ෆ්ලුකොෂසිලින් (Flucloxacillin 500mg)ඖෂධ පෙති ඒ අනූව සංකේතාත්මකව මහින්ද රාජපක්ෂ මහතා පිළිගැන්වීම  මෙහි දී සිදුවිය.

එම උත්සව සභාව අමතා මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,

"2012 වසරේ දී තමයි අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය ලැබුණේ. එදා මිලියන 4470ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාව දෙ ගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ ආයතනයේ තියෙන වැදගත්කම මම මෙතන ඉන්න පිරිසට අලුතින් කියන්න අවශ්‍ය නැහැ.

නමුත් අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංගලිදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්‍ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් ඉන්නවා.

ඒ නිසා එවැනි අවස්ථාවක දී අපි ඥානයෙන්, බුද්ධියෙන් සේවයක් ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් ම මේ රටේ නිෂ්පාදනය විය යුතුයි, ඒ වගේ ම පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතු යැයි විශ්වාස කරනවා. එහෙම නම් වෛද්‍ය අංශයෙන් වේවා, වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි. 

අද මේ ආයතනයට ඇවිල්ලා නව ක්‍රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේ ම අපි අපේ රට හැම අංශයකින් ම ස්වයංපෝෂිත කරන්න ඕනි, ඒක අනුව තමයි අපිට අපේ අනාගතය ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ.

ඖෂධ නිෂ්පාදන කලාපයක් හම්බන්තොට ආරම්භ කරන්න යනවා. මම දැන් ඒ ගැන ඇහුවා ලේකම්තුමාගෙන්. ඒක පිටරට යන පෞද්ගලික සමාගම්වලට විතරයි කියලා එතුමා කිව්වා. හම්බන්තොටටත් ඖෂධ නිෂ්පාදන කලාපයක් අපි හදනවා නම්, ඒ පිළිබඳවත් මුල් පියවර තබන්න කටයුතු කළොත් තමයි වඩා හොඳ කියලයි මම විශ්වාස කරන්නේ.  මොකද එහෙම මුල් පියවර තැබුවේ නැත්නම් කවුරුවත්, මං හිතන්නේ කොයි කලාපයක්වත් ආරම්භ කරන්න පුළුවන්කමක් නැහැ."

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය ගාමිණී ලොකුගේ, අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්. මුණසිංහ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ,  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘර්තවෙයි
ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘර්තවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJB9wC-N8IL4N39h50mraHwFAEYYZFdgBnd1mdxd-cBuh0yrZSBFiaz2Q1oejMVEqiSSxrwqmRBEAlXp-pRye-zah70jzDDCcrrQpAOV4wtn15drHNv6risY_1x_X4H4tsq91WgiCgyV0/s16000/53b3257c-23b8-40dd-b983-f8755b16443d.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjJB9wC-N8IL4N39h50mraHwFAEYYZFdgBnd1mdxd-cBuh0yrZSBFiaz2Q1oejMVEqiSSxrwqmRBEAlXp-pRye-zah70jzDDCcrrQpAOV4wtn15drHNv6risY_1x_X4H4tsq91WgiCgyV0/s72-c/53b3257c-23b8-40dd-b983-f8755b16443d.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/mahinda%20rajapaksha-rathmalana.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/mahinda%20rajapaksha-rathmalana.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content