බ්‍රිතාන්‍යයේ සහ අප්‍රිකාවෙන් වාර්තා වී ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැදපෙරදිගින් මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා.
එම රටවල සිට පැමිණෙන පිරිස් හරහා මෙය ව්‍යාප්ත විය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
මේ වනවිට නව වෛරස් ප්‍රභේදය සිංගප්පූරුව, ඊශ්‍රායලය වැනි රටවලින්ද වාර්තා වීමත් සමඟ එම නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ.
කෙසේ වෙතත් කොරෝනා නව ප්‍රභේද පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සතුව නොමැති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ.
නමුත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පවසන්නේ මෙම නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් පහසුකම් ඇති බවයි.




