වී මිල සීග්‍රයෙන් ඉහළ යෑම නිසා සහල් මිලද ඉහළ දැමීමට සිදුවී ඇතැයි මරදගහමුල සහල් වෙළෙන්දෝ පවසති.
පොළොන්නරුවේ වී මෝල් හිමියන් සම්බා වී කිලෝවක මිල රුපියල් 82 ක් දක්වාද,නාඩු වී කිලෝවක මිල රුපියල් 62 ක් දක්වාද ඉහළ දැමීම නිසා තමන්ට සහල් මිල ඉහළ දැමීමට සිදුවී තිබෙන බව මරදගහමුල සහල් වෙළෙන්දෝ පවසති.
මරදගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා සහල් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 130ක් දක්වාද,නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 106 ක් දක්වාද ඉහළ ගොස් ඇත.
කෙසේ වෙතත්, වී අස්වනු ජනවාරි මාසයේ දෙවැනි සහ තුන්වැනි සතියේදී ලැබීමට නියමිත බැවින්,එම වී අස්වනු ලැබීමෙන් පසු සහල් මිල අඩුවෙනු ඇතැයි මරදගහමුල සහල් වෙළෙන්දෝ කියා සිටිති.
 




 
							     
							     
							     
							     
 
 
 
