ආර්ජන්ටිනාවේ පැවැති ගබ්සා නීති වෙනස් කරමින් ගබ්සා කිරීම නීතිගත කිරීමට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වී තිබේ.
මෙතෙක් කල් එරට පැවැති මවගේ ජීවිතයට හානියක් සිදුවෙයි නම් පමණක් ගබ්සා කිරීමට අවසර ලබා දීමට පමණක් තිබූ නීතිය සංශෝධනය කරමින් මෙම නව නීතිය සම්මත වී තිබේ.
දිර්ඝ කාලයක් තිස්සේ ආර්ජන්ටිනාව තුළ ගබ්සාව නීති ගත කිරීම සම්බන්ධයෙන් දැඩි උණුසුම් මතවාදයන් පැවතුනු අතර එරට ගබ්සාව නීති ගත කිරීමට පිරිසක් බල කරද්දී එය නීතිගත නොකළ යුතු බවට තවත් පිරිසක් නැගී සිටියහ.
මෙම නව නීතිය පාර්ලිමේන්තුවේ දී සම්මත කරන අවස්ථාවේදී මෙම දෙපිරිසම ස්ථානයන් දෙකකට රැස්ව සිටි අතර ඔවුන්ට නැරඹීම සඳහා පුළුල් තිර ඔස්සේ පාර්ලිමේන්තුව සජීවිව විකාශය කරන ලදී.
එහිදී ගැබ් ගෙන සති 14කට පසුව ගබ්සා කිරීම සඳහා අවසර ලබා දීමට එරට පාර්ලිමේන්තුවේ බහුතරය ඡන්දය ලබා දී සම්මත කළ අවස්ථාවේදී ගබ්සා කිරීම නීතිගත කළ යුතුයැයි කී පිරිස ඔලවරසන් දෙමින් ගීත ගයා එය සමරන්නට පටන් ගත් ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.




