යේමනයේ ඒඩන් ගුවන්තොටුපළේ පිපිරීම් මාලාවක් හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.
නව එක්සත් ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ඉරානයේ පිටුබලය ලත් හූති කැරලිකරුවන් විසින් සිදු කළ “බියගුලු” ප්‍රහාරයක් යැයි එරට බලධාරීන් චෝදනා කරයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ අලුතින් පිහිටුවන ලද සහ ජාත්‍යන්තරව පිළිගත් යේමනයේ රජය රැගත් ගුවන් යානයක් සෞදි අරාබියෙන් පැමිණි සැණින් ය.
සියළුම රජයේ ඇමතිවරුන් නිරුපද්‍රිතව සිටින බවට වාර්තා වුවද, පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වෛද්‍ය හා රජයේ ආරංචි මාර්ග දකුණු නගරයේ ඒඑෆ්පී පුවත් සේවය වෙත පැවසීය. අනතුරු සංඛ්‍යාව ඉහළ යනු ඇති බවටද සැකයි.
දේශසීමා රහිත වෛද්‍යවරු (එම්එස්එෆ්) කියා සිටියේ එය “හදිසි අනතුරු වෛද්‍ය ප්‍රතිචාර සැලැස්මක්” සකස් කරන බවයි.
ආරම්භක පිපිරුමකින් ගුවන්තොටුපල පර්යන්තයෙන් දුමාරය පිටවීමත් සමඟම ප්‍රදේශය පුරා සුන්බුන් පැතිරීමත්, තුවාල ලැබූවන් වෙත ලඟා වීමට මිනිසුන් ඉක්මන් වීමත් සමඟ දෙවන පිපිරීමක් සිදුවිය.












