ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් අද (09) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවේ.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවියහැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.




